July 2, 2026

සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට ලක්වූ, වාද්දුව ප්‍රදේශයේ බැංකු ශාඛාවකට පිටතින් පිහිටි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) අසලදී ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පහරදීම පසුගිය ජුනි 22 වැනිදා සිදුව ඇති බව වාර්තා වන අතර, ඉන් අනතුරුව වින්දිතයා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය විමර්ශනයක් ආරම්භ කළ අතර, ඊයේ (ජූලි 1) දින සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

පොලිසිය විසින් හඳුනාගෙන ඇති පරිදි, අත්අඩංගුවට ගත් සැකකරුවන් කාඩිගමුව, පිටුගල්දෙනිය සහ අටාල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (ජූලි 2) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.