
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් (IRINS) බුෂෙර් සහ ටොන්බ් නිල සංචාරයක් සඳහා අද (16) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.
නාවික හමුදාව එම නෞකාවන් නාවික සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගෙන ඇත.
IRINS Bushehr යනු කාර්ය මණ්ඩල සාමාජිකයන් 270 දෙනෙකුගෙන් සමන්විත මීටර් 107ක් දිග නෞකාවක් වන අතර, එහි අණදෙන නිලධාරියා MAHDI BALVARDI වේ.
IRINS Tonb යනු කාර්ය මණ්ඩලය 250 දෙනෙකුගෙන් යුත් මීටර් 94.94 ක් දිග නෞකාවක්වන අතර, එහි අණදෙන නිලධාරී මොහොමඩ් හාජි සාදේය.
මේ අතර, නෞකාවන්හි අණදෙන නිලධාරීන් දිවයිනේ රැඳී සිටින කාලය තුළ බටහිර නාවික විධානය භාර ආඥාපති සහ නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් හමුවීමට නියමිතය.
මීට අමතරව, සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණු කරගත් විවිධ වැඩසටහන් සඳහා දෙරටේම නාවික පුද්ගලයන් සහභාගී වීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම ඉරාන නෞකාවල කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක් නැරඹීමට ද අවස්ථාව හිමිවේ.
මෙරට නාවික හමුදාවේ කැඩෙට් නිලධාරීන්ට සහ සාමාජිකයන්ට කොළඹදී ඉරාන නාවික නෞකා නැරඹීමට හැකි වන අතර, ඉරාන නෞකාවල කැඩෙට් නිලධාරීන් සහ පිරිස් ශ්‍රී ලංකා නාවික නෞකා වෙත අන්‍යෝන්‍ය වශයෙන් සංචාරය කරනු ඇත.
ඉරාන නාවික නෞකා ද්විත්වය පෙබරවාරි 19 වැනිදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart