June 26, 2026

මාතර, ගන්දර පොලිස් බලප්‍රදේශයට අයත් තලල්ල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ලා එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම බස් රථ අනතුර අද උදෑසන සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස වහාම මාතර සහ බෙලිඅත්ත (බතීගම) රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.