May 17, 2026

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර ගමන් කළ මෝටර් රථයක ගැටීමෙන් ත්‍රිරෝද රථයක ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

හිනිදුම, හබරකඩ ප්‍රදේශයේදී අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ වාහනය පදවාගෙන ගියේ මන්ත්‍රීවරයාගේ රියදුරු බව පොලිසිය පවසයි.

ඒ අනුව හිනිදුම පොලිසිය විසින් රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිරෝද රථයේ අධික වේගය අනතුරට හේතු වී ඇති බවට සැකකෙරෙන බව ද පොලිසිය සඳහන් කරයි.