
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් ගොනු කර තිබේ.
වේයන්ගොඩ පදිංචිකරුවකු වන හරින්ද්‍රරත්න බානගල සහ පන්නිපිටියේ ප්‍රේමසිරි විජේසේකර යන අය මෙම පෙත්සම් ගොනු කර ඇත.
යෝජිත පනත් කෙටුම්පතේ 1 සිට 4 දක්වා වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන, විශේෂයෙන් 1, 3, 4 සහ 12(1) වගන්ති උල්ලංඝනය කරන බවට ඔවුන් චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන වන රේණුක දුෂ්‍යන්ත පෙරේරා මීට පෙර මෙවැනිම පෙත්සමක් ගොනු කර තිබිණි.
පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍ය බව ප්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටී.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, එය බලාත්මක වූ පසු, හිටපු ජනාධිපතිවරුන්ට, ඔවුන්ගේ පවුල්වලට සහ විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද අවලංගු කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart