
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාතාල නායකයකු වන ඩාවුඩ් ඊබ්‍රාහිම්ගේ සහාය ඇතිව අන්තර්ජාලය හරහා විවිධ නීතිවිරෝධී ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය සහ රට පුරා ආරක්ෂක අංශවලට අවශ්‍යව සිටින බුකීකරුවකු වන සෞරබ් චන්දර්කාර් සහ ඔහුගේ සහචර රවී උත්පාල් ශ්‍රී ලංකාවේ රඳවාගෙන සිටින බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.
මෙම පුද්ගලයන් විසින් පෝකර්, බැඩ්මින්ටන්, ටෙනිස් සහ පාපන්දු වැනි විවිධ සජීවී ක්‍රීඩාවල නීති විරෝධී ඔට්ටු ඇල්ලීම සඳහා මාර්ගගත වේදිකා සපයා තිබේ.
එම වේදිකා විසින් ඉන්දියාවේ විවිධ මැතිවරණ සඳහා ඔට්ටු ඇල්ලීමට ද මාර්ගයක් සපයන බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දීය ආරක්ෂක ඒජන්සිය වෙනුවෙන් ඔවුන් දෙදෙනා ඉන්ටර්පෝල් ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ රඳවාගෙන ඇති අතර, ඔවුන් පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
මුම්බායි හි මොවුන් දෙදෙනාට එරෙහිව කිසිදු නඩුවක් නොමැති වුවද, ඔවුන් රඳවා තබාගැනීම බුකීකරුවන් සහ නගරයේ උසස් පොලිස් නිලධාරීන් අතර කතාබහට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart