March 6, 2026

ආගමික උත්සවයක් සඳහා යාපනයේ සිට පලෙයිතීව් දූපතට බැතිමතුන් රැගෙන යමින් සිටි බෝට්ටුවක් අද පිටත්ව ගොස් ටික වේලාවකට පසු පෙරළී ඇත.

අනතුරින් එහි සිටි දෙදෙනකු මියගොස් ඇති අතර, තවත් කිහිපදෙනකු මුහුදට වැටී බේරාගෙන රෝහල්ගත කර තිබේ.

පලෙයිතීව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගීවීමට ගමන් කරන බැතිමතුන් රැගෙත් බෝට්ටුව යාපනයේ කුරුනගර් ප්‍රදේශයෙන් පිටත් වී ඇත.

වාර්තාවලට අනුව, යාත්‍රාව එහි ගමන ආරම්භ කර මිනිත්තු කිහිපයකට පසු පෙරළීගොස් තිබේ.

මියගිය දෙදෙනාගේ සිරුරු යාපනය ශික්ෂණ රෝහලට භාර දී ඇත.

පල්ලියේ වාර්ෂික උත්සවය ඊයේ කොඩි එසවීමෙන් ආරම්භ වූ අතර, ප්‍රධාන උත්සව දේව මෙහෙය හෙට පැවැත්වීමට නියමිතය.

මේ අතර, බෝට්ටුවේ සිටි ඉතිරි මගීන් සොයාගැනීමට සහ ඔවුන්ට ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරෙන අතර, ප්‍රදේශයේ ධීවරයන් මෙම උත්සාහයන් සඳහා ක්‍රියාකාරීව සහභාගී වේ.