
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තාවකට ලිංගික අතවර කිරීම සහ අසභ්‍ය ඡායාරූප ලබා ගනිමින් ඇයට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පාකිස්ථානයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.
එරට මාධ්‍ය වාර්තා කළේ මෙම සිද්ධියට සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සේවය අත් හිටුවා ඔවුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට දිස්ත්‍රික් භාර පොලිස් නිලධාරියා නියෝග කර ඇති බවයි.
චූදිතයන්ගෙන් එක් අයෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු පෙබරවාරි 10 වන දින දක්වා අතුරු ඇපයක් ලබාගෙන ඇත.
ලෝද්රන් නගර පොලිස් ස්ථානයේ ලියාපදිංචි කර ඇති මූලික පැමිණිල්ලකට ෂර්පූර් හි පදිංචිකාරියක් වන පැමිණිලිකාරිය පැවසුවේ ඇය සැකකාර පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මීට වසර දෙකකට පමණ පෙර ටික්ටොක් හරහා දැන හඳුනා ගත් බවයි.
මාස තුනකට පෙර ඉන් එක් කොස්තාපල්වරයෙකු තමා හමුවීමට පැමිණ නිවසකට ගෙන ගිය බවත්, එහිදී ඔහු ඇයට ලිංගික අතවර කළ බවත් පැමිණිලිකාරිය චෝදනා කළාය.
අනතුරුව මාස දෙකහමාරකට පමණ පෙර අනෙක් කොස්තාපල්වරයා තමාව දූෂණය කර අසභ්‍ය ඡායාරූප ගත් බවත් පැමිණිලිකාරිය තවදුරටත් චෝදනා කළාය.
එම සැකකරු පසුව එම ඡායාරූප භාවිතා කර තමාට තර්ජනය කර පහර දුන් බවත් ඇය කියා සිටියාය.
විත්තිකරු අවසානයේ තම සැමියාට අසභ්‍ය පින්තූර පෙන්වූ බවත්, පසුව ඔහු ඇයව දික්කසාද කළ බවත් කාන්තාව චෝදනා කළාය.
නඩුව ලියාපදිංචි කිරීමෙන් පසු, එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර අනෙක් සැකකරු අතුරු ඇපයක් ලබාගෙන ඇත.
මේ වනවිට සැකකාර කොස්තාපල්වරුන් දෙදෙනාගේම සේවය අත්හිටුවා ඇති අතර පැමිණිලිකාර කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart