
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
06 හැවිරිදි පාසල් සිසුවකුට ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන ජුනි මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
සැකකරුවන් දෙදෙනා මීගමුව මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා මානසික සායන වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර ඇත.
අපයෝජනට ලක් වූ දරුවාගේ මව දරුවා අතහැර දමා ගොස් ඇති බවත් ඔහුගේ පියා දරුණු ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.
මිත්තණියගේ රැකවරණය යටතේ සිටින මෙම දරුවා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ඔහුගේ පියාගේ මිතුරන් දෙදෙනෙකු විසින් ලිංගික අපයෝජනයට ලක්ව ඇත.
සැකකරුවන් දෙදෙනා දරුවාට මත්ද්‍රව්‍ය ලබාදී ඔහුගේ නිවසේ දී අපයෝජනයට ලක් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දරුවා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart