August 9, 2026

කහටගස්දිගිලිය තිඹිරිවැව, වඩිගඇළ මාර්ගය ආසන්නයේදී ගජමුතු අලෙවි කිරීමට සූදානමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, හොරොව්පතාන ජාතික උද්‍යානයේ සහ කහටගස්දිගිලිය බීට්ටු කාර්යාලයේ නිලධාරීන් ඒකාබද්ධ වී ගුවන් හමුදා බුද්ධි තොරතුරු මත සිදු කළ වැටලීමකදීයි.

සැකකරුවන් උත්සහ දරා ඇත්තේ ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 90 විකිණීමටයි.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 21 දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර එම නඩුව නැවත කැඳවීම ද එදිනට සිදුකිරීමට නියමිත යි.