
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් වෙත තාප්පයට ඉහළින් විසිකර මත්ද්‍රව්‍ය සහ තහනම් ද්‍රව්‍ය ලබාදීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
බේස්ලයින් මාර්ගයේ පිහිටි මැගසින් බන්ධනාගාරයේ අතුරු තාප්පය අසල අද (08) සවස සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ස්ථානයේදී බන්ධනාගාරය දෙසට පාර්සල් දෙකක් විසිකිරීමට තැත්කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පාර්සල් පරීක්ෂා කිරීමේදී පහත ද්‍රව්‍ය සොයාගෙන තිබේ:
– ‘අයිස්’ ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 250ක්
– හෑෂ් මිලිග්‍රෑම් 02ක්
– දුම්කොළ ග්‍රෑම් 250ක්
– කුඩා ජංගම දුරකථන 02ක්
– දුරකථන චාජර් 02ක්
– ලයිටර් 10ක්
– කරාබු ජෝඩු 02ක්
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම අවුරුදු 29 ක් වයසැති කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සැකකරුවන් හෙට (09) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart