
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ටීවී සහ රේඩියෝ චැනල් වලින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවැසීය.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙසේද පවසයි.
“රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඔහු අග්‍රාමාත්‍ය කාලයේ දී පවා පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් පත්කර තිබුණා. එහි වාර්තාව පවා තිබෙනවා. එම කමිටුවේ සරත් ෆොන්සේකා මහතා වගේම සුමන්දිරන් මහතාත් සමාජිකයින් විදිහට ඉදලා තිබෙනවා. එම වාර්තාවන් පාර්ලිමේන්තුවේ තිබෙනවා. මේ වාර්තා සම්බන්ධයෙන් යම්කිසි කෙනෙකුට සෑහීමකට පත් වෙන්න බැරිනම්, ඊලග පියවර තමයි රාජ්‍ය නොවන සංවිධාන ටීවී රේඩියෝ චැනල් ගෙන්නලා පරීක්ෂණ කරනවා වෙනුවට, ලෝකයේ ත්‍රස්තවාදීන්, අන්තවාදීන් ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වෙලා පරීක්ෂණයක් කිරීම. විශේෂයෙන්ම ඉන්දියාව එංගලන්තය හා ඇමරිකාව වගේ රටවල රාජ්‍ය ආයතන. නැත්නම් හැමදාම මැතිවරණයක් ළංවන වෙලාවට මේක එළියට එනවා. ඊට පස්සේ යට යනවා. අපිට මේක දේශපාලන කාරණයක් කරගන්න බැහැ. හරි විදිහට පරීක්ෂණ කරන විදේශීය රාජ්‍ය ආයතන වලට පරීක්ෂණ කටයුතු කරන්න අපි අපේ සහය ලබාදෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart