September 26, 2026

වයඹ කලාපයේ ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන ‘කාවන්තිස්ස’ නමින් හඳුන්වන ඇතාගේ ඉදිරි දකුණු පාදයේ ඇති තුවාලය සඳහා ප්‍රතිකාර කටයුතු අද (26) උදෑසන තෙවැනි දිනටත් සිදුකෙරිණි.

නිකවැරටිය පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු හේවකෝට්ටගේගේ මූලිකත්වයෙන් මෙම ප්‍රතිකාර කටයුතු සිදුකෙරේ.

සියඹලංගමුව වැව ආසන්නයේ පිහිටි වනලැහැබක් තුළදී වනජීවි නිලධාරීන්ගේ සහාය ඇතිව අද දින ඇතාට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම ද සිදුකර ඇත.