
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ ‘ජාතික සුරක්ෂිත දින’ වැඩසටහන සඳහා දිස්ත්‍රික් මට්ටමින් අන්තර් ආගමික වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ‘ජාතික සුරක්ෂිත දින’ ප්‍රධාන සැමරුම් උත්සවය හෙට පෙ.ව. 8.30 සිට පෙ.ව. 11.00 දක්වා ගාල්ලේ පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී පැවැත්වෙන බවයි.
‘ජාතික සුරක්ෂිත දිනයේදී’ සුනාමිය සහ අනෙකුත් ව්‍යසනයන්ගෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම සඳහා හෙට පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබේ.
ඊට හෙට පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා රට පුරා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස මහජනතාවගෙන් ද එම මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
2004 වසරේදී බලපෑ සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයන් 35,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි වූ අතර, පුද්ගලයින් 5,000 කට අධික සංඛ්‍යාවක් අතුරුදහන් වූ අතර බිලියන ගණනක් වටිනා දේපළ ද විනාශ විය.
ඉන් අනතුරුව 2005 සිට සෑම වසරකම දෙසැම්බර් 26 වැනි දින ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, සුනාමිය සහ අනෙකුත් ව්‍යසනවලින් මියගිය සියලු දෙනා අනුස්මරණය කිරීම එදින සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart