
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කියුබාව ඉතා ඉක්මනින්ම අසාර්ථක වනු ඇති බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අනතුරු අඟවා තිබේ.
ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ කියුබාවේ ප්රමුඛතම සැපයුම්කරු වූ වෙනිසියුලාව මෑතකදී කියුබාවට තෙල් හෝ මුදල් යවා නොමැති බවයි.
කියුබාවේ සමීපතම මිතුරෙකු සහ දිගුකාලීන ආධාරකරුවකු වන වෙනිසියුලාවෙන් තෙල් සහ මුදල් කියුබාවට ළඟාවීම වැළැක්වීමට පියවර ගන්නා බවට ට්රම්ප් මීට පෙර අනතුරු අගවා තිබිණි.
තමන් එම උත්සහය අතහැර නොමැති බව යළි යළිත් අවධාරණය කරමින් ට්රම්ප් පවසා ඇත්තේ වෙනිසියුලාවේ ආධාර අහිමි වී ඇති කියුබාව ඉතා ඉක්මනින් අසාර්ථක වනු ඇති බව සහ ඔවුන් සැබවින්ම අසාර්ථක වීමට ඉතා ආසන්නයේ සිටින රටක් බවයි.
ධවල මන්දිරයේදී වාර්තාකරුවන් පිරිසක් හමුවේ අදහස් දැක්වූ ට්රම්ප් කියාසිටියේ කියුබාවට මුදල් හිමිවූයේ වෙනිසියුලාවෙන් බව සියල්ලන් හොඳින් දන්නා බවයි.
එමෙන්ම ඔහු පවසා ඇත්තේ මදුරෝගේ රජයේ හිටපු උප ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් අන්තර්වාර ජනාධිපති ධුරයට පත් වූ අතර එක්සත් ජනපද අධීක්ෂණය යටතේ රට පාලනය කරමින් වෙනිසියුලාව මෙහෙයවමින් සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart