
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමාට එරෙහිව පවරා ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩු දෙකට එරෙහිව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද(22) මූලික විරෝධතා ඉදිරිපත් කළේය.
සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරුන් විසින් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් භාණ්ඩාගාර ලේකම්වරයාට එරෙහිව මෙම අයැදුම්පත් ගොනු කර තිබේ.
භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ එරාජ් ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ මුදල් ඇමැතිවරයාගේ නියෝගයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එසේ මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලයක් නොමැති බවයි.
ජනාධිපති නීතීඥ ජෙෆ්රි අලගරත්නම්, නීතිඥ සුරේන් ප්‍රනාන්දු සහ උපුල් කුමාරප්පෙරුම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
භාණ්ඩාගාර ලේකම්වරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා, නීතිඥ හෆීල් ෆාරිස්, ජනගන් සුන්දරමූර්ති, දමින්ද විජේරත්න සහ නවීඩ් අහමඩ් පෙනී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart