
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනිසුන් සහ වනජීවීන් අතර උග්‍රවන ගැටුම් පිළිබිඹු කරමින් ඛේදජනක හේතු රාශියක් හේතුවෙන් ශ්‍රී ලංකාව පසුගිය මාස පහ තුළ අලි මරණ 150ක් වාර්තාවී ඇත.
වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලට අනුව වෙඩි තැබීම්වලින් 28ක්, විදුලිසැර වැදීමෙන් 21ක්, හක්කපටස් වලින්(ආහාරවල සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය) 13 , විෂ ශරීරගත වීමෙන් 2ක්, දුම්රිය අනතුරුවලින් 3ක්, මාර්ග අනතුරකින් 1ක්, දියේ ගිලීමෙන් 7ක්, සහ වෙනත් අනතුරු වලින් 4ක් වශයෙන් මෙලෙස අලි මරණ වාර්තා වී තිබේ.
අනෙකුත් මරණවලට හේතුවී ඇත්තේ, ස්වභාවික හේතූන් හෝ හඳුනා ගැනීමට නොහැකි වූ හේතු ය.
මේ මියගිය අලි ඇතුන්ගෙන් බහුතරය තරුණ සත්වයන්ය.
අනෙක් අතට මේ ඛේදවාචකය වන සතුන්ගෙන් ඔබ්බට විහිදෙන්නේ, පවතින අලි මිනිස් ගැටුමෙන් මේ වසරේ මේ දක්වා මිනිස් ජීවිත 45ක් බිලිගෙන ඇති බැවිනි.
වනජීවී දෙපාර්තමේන්තු සංඛ්‍යාලේඛනවලට අනුව 2023 දී අලි මිනිස් ගැටුම ඇතුළු විවිධ හේතූන් මත අලි ඇතුන් 488 ක් මියගොස් ඇති අතර ගැටුම හේතුවෙන් මිනිස් මරණ 184 ක් සෘජුවම සිදුව තිබේ.
එපමණක් නොව, 2011 සමීක්ෂණයකට අනුව ඇස්තමේන්තුගත වන අලි ගහණය 5,878ක් පමණක් බව ජනමාධ්‍ය වාර්තා කරයි.
කෙසේවෙතත්, වනජීවී බලධාරීන් දැන් ඇස්තමේන්තු කර ඇත්තේ, අලි ගහණය 6,000ත් 7,000ත් අතර පරාසයක පවතින නමුත් වත්මන් තත්ත්වය සමඟ මෙම සංඛ්යාව තර්ජනයට ලක්ව ඇති බවටයි.
වර්ධනය වන අර්බුදයට ප්‍රතිචාර වශයෙන්, වන අලි ගහණය පිළිබඳ යාවත්කාලීන දත්ත ලබාගැනීම සහ අඛණ්ඩ සංරක්ෂණ ප්‍රයත්නවල බලපෑම තක්සේරු කිරීම සඳහා බලධාරීන් පුළුල් සමීක්ෂණයක් අගෝස්තු මාසයේදී සැලසුම් කරයි.
දැඩි අලි-මිනිස් ගැටුම්වලින් පීඩාවට පත් ගම් සහ ගොවිබිම් ආරක්ෂා කිරීමේ අරමුණින් ‘තාවකාලික කෘෂිකාර්මික විදුලි වැට’ සහ ‘ග්‍රාමීය විදුලි වැට’ නියමු ව්‍යාපෘති දෙකක් දියත් කිරීමට රජය සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart