
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී රටට අහිතකර කිසිවක් නොකිරීම රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මෙරට ඓතිහාසික උරුමය, සොබා සෞන්දර්ය, වනජීවි කලාප සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳ ලෝක ඇගයුම වැනි සාධක පදනම් කර ගනිමින් සංචාරක කර්මාන්තය ගොඩනැංවීම රජයේ ඉලක්කය බව ජනාධිපතිවරයා පැවසීය.
“සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ගොඩනැගුණු සාකච්ඡාවේදී අපේ ඓතිහාසික උරුම මත මේ සංචාරක කර්මාන්තය ගොඩනැගීමේ විභවතාවක් තිබෙන බව සාකච්ඡාවට ගැනුණා. ඒ වගේම අපේ රටේ සොබා සෞන්දර්ය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධානතම ප්‍රභවයක්. ඒ වගේම අපේ වන ජීවි කලාප, අපේ ජනතාවගේ ආගන්තුක සත්කාර පිළිබඳ තිබෙන ලෝකයේ ඇගයුම ඉතා වැදගත්. එසේ නොමැතිව වෙනත් දේවල් අපේ සංචාරක කර්මාන්තයේ ප්රවණතා නොවෙයි.” යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මහනුවර මඟුල් මඩුවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මහා සංඝරත්නයේ ඉල්ලීම මත විහාර දේවාලගම් පනතේ වගන්ති දෙකක් සංශෝධනය කර මේ වනවිට ඉදිරිපත් කර ඇති බවයි.
“සමාජයක් ලෙස අපිට යම් අධ්‍යාත්මයක් අවශ්‍යයි. අපේ මේ අධ්‍යාත්මික ජීවිතය පෝෂණය කිරීමේදී එහි පදනම වන්නේ බෞද්ධ සංස්කෘතියයි. බෞද්ධ සංස්කෘතිය සමඟ අපගේ අධ්‍යාත්මයට ලැබෙන යහපත් දේ නීති අණපනත්වලින් මකා දැමිය හැකි දෙයක් නොවෙයි. එය ඓතිහාසික බැඳීමක්. අපේ මෙම බෞද්ධ සංස්කෘතිය නොනැසී වසර ගණනාවක් පැවතීමේ රහස වන්නේ මේ සංස්කෘතිය ජන ජීවිතය සමඟ එකට ගැට ගැසී තිබීමයි. අපේ මේ අභිමානවත් දහම සහ සංස්කෘතිය ආරක්ෂා කළේ මහා සංඝරත්නයයි. එහෙත්, මේ දහමේ ආරක්ෂකයන් වන අපේ හාමුදුරුවන් වහන්සේලා පිළිබඳ දකින ඇතැම් ප්රවෘත්ති සහ සිදුවීම් මේ දහමේ පැවැත්මට සුදුසු නැහැ කියා මම විශ්වාස කරනවා. අපේ මහා නායක ස්වාමින් වහන්සේලා සෑම විටම ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය නීතිමය පදනම සකස් කර දෙන ලෙසයි. විශේෂයෙන්ම, විහාර දේවාලගම් පනතේ 41 වන වගන්තිය සහ 42 වන වගන්තියේ අවශ්‍ය සංශෝධන සහිත බලය ලබා දෙන ලෙස අපෙන් ඉල්ලා සිටියා. ඒ සංශෝධන සකස් කර, නැවත මහා නායක ස්වාමින් වහන්සේ වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා. උන් වහන්සේලාගෙන් ලද අදහස් සහිතව නැවත සංශෝධනය කර දැන් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඉතා ඉක්මනින් අපි එම නීතිය සම්පාදනය කර ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් එම පවත්වාගත යුතු විනය කර්ම පවත්වා ගැනීමට අවශ්‍ය වන නීතිමය රැකවරණය ලබා දීමට කටයුතු කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
“ඒ වගේම, මම දුටුවා දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනයක් පිළිබඳ කතා බහක් ඇති වී තිබෙනවා. ඊට අදාළව කළින් සකස් කළ සංශෝධනයක් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත්, එය පාර්ලිමේන්තුවේ සම්මත වී නැහැ. දැන් අපිට අවස්ථාව තිබෙනවා අවශ්‍ය නම් ඊට තවත් සංශෝධන ගෙන ඒමට, නැත්නම් තිබෙන විදියට තැබීමට. මේ කිසිදු නීතියක් සම්පාදනය කර තිබෙන්නේ අපේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් නොවෙයි. මෙම නීති සම්පාදනයේදී අවධානය යොමු කර තිබෙන්නේ පොදු යහපත පිළිබඳවයි. මීට වඩා යහපත් රාජ්‍යයක් ගොඩනැගීමේ සිහිනයක් අපිට තිබෙනවා. ඒ සිහිනය ඉටු කර ගත හැක්කේ පාලක කණ්ඩායම ලෙස අපි අපට පැවරී තිබෙන කාර්යභාරය නිසි ලෙස හඳුනාගෙන කටයුතු කිරීමෙන්. එහි විශාල පංගුවක් අපේ මහා නායක ස්වාමින් වහන්සේලාට පැවරී තිබෙනවා.” යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart