
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රට තුළ දැනට පවතින ආර්ථික තත්වය පදනම් කරගනිමින් රාජ්‍ය නිලධාරීන්ගේ ආර්ථික මට්ටම වැඩිදියුණු කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ආදායම් මාර්ග සකසා ගන්නා ආකාරය ඉගැන්වීමට රජය තීරණය කර ඇත.
එහි එක් පියවරක් ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට අන්තර්ජාලය ඔස්සේ ආදායම් මාර්ග සකසා ගන්නා ආකාරය ඉගැන්වීම සඳහා පුහුණු වැඩමුළුවක් සංවිධානය කර ඇත.
මෙම වැඩමුළුව ලබන අගෝස්තු 17 වැනිදා ගම්පහ සියනෑ මන්දිර පරිපාලන ගොඩනැගිල්ලේ පැවැත්වීමට නියමිත අතර, ඊට සම්පත් දායකත්වය ලබාදෙනු ලබන්නේ තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය(ICTA) විසිනි.
මෙම වැඩමුළුවට සහභාගී වන රාජ්‍ය සේවකයන්ට ගමන් වියදම් ලබාදීමට හෝ සංග්‍රහ කිරීමට හැකියාවක් නොමැති බවත්, අන්තර්ජාල පහසුකම් සහිත ජංගම දුරකථන, ටැබ් හෝ ලැප්ටොප් රැගෙන එන ලෙසත් වැඩිදුරටත් දැනුම්දී ඇත.
මෙම උපදෙස් ලබාදී ඇත්තේ ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්ලිව්.එස්. කිත්සිරි විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart