October 24, 2026

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මාතර, තලල්ල, නාඔරුන්න වෙරළේදී අද (2026 ඔක්තෝබර් 24) උදෑසන සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දහයක් (10) සහ ගමන් මළු එකොළහක් (11) අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබාදීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.