
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධිකරණයකට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ නීතීඥ සංගමය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව පහක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබ තිබිණි.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ පනතක් බවට පත්විය හැක්කේ තුනෙන් දෙකක බහුතරයකින් සහ මහජන ජනමත විචාරණයකින් සම්මත වුවහොත් පමණක් බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.
මෙම පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුව තීරණය කථානායකවරයා වෙත යොමු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart