
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව ප්‍රසිද්ධම නෞකාවේ සුන්බුන් මින් පෙර කිසිදා නුදුටු ආකාරයෙන් හෙළිදරව් වී තිබේ.
අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800 (අඩි 12,500) ගැඹුරින් පවතින ටයිටැනික් නෞකාවේ, පළමු සම්පූර්ණ ප්‍රමාණයේ ඩිජිටල් ස්කෑන් නිර්මාණයක් එළිදක්වා ඇත. එම නිර්මාණය සකස්කර ඇත්තේ ගැඹුරු මුහුදේ සිතියම්කරණයෙනි.
එය මුළු නැවෙහිම අද්විතීය ත්‍රිමාණ දර්ශනයක් සපයන අතර ජලය බැස ගොස් ඇති බවක් දැකීමට හැකි වේ.
මෙම නිර්මාණය ඔස්සේ 1912 දී ගිලී ගිය මෙම දැවැන්ත නෞකාවට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව නව ආලෝකයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පහතින් දැක්වෙන්නේ BBC පුවත් සේවය එම නිර්මාණය සම්බන්ධයෙන් සකස් කරන ලද වීඩියෝ වර්තාවකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart