August 29, 2023

තමා ජනතා විමුක්ති පෙරමුණ සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අනාවරණය කළේය.

දේශපාලන කටයුතු සිදුකරමින්, එහි සිට අහාර පවා ලබාගෙන ඇති බවයි.

ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම අනාවරණය සිදුකළේය.

“මම දැක්කා අද පත්තෙරෙත් අනුර දිසානායකත් කියලා තියෙනවා, එක්කෝ මෙයා ඇවිල්ලා පෙන්නන්න ඕනේ, එක්කෝ නෑ කියන්න ඕනේ. මොනවා හරි කියලා ස්ටෙප්ස් හතරක් එක්ක තිබුණා නිව්ස් අයිටම් එකක් මට ඒක හරියට කියවගන්න බැරි වුණා. ඊට පස්සේ දවසක මම දැක්කා වීඩියෝ ක්ලිප් එකක්, මම දන්නේ නැහැ මොන චැනල් එකේ ද කියලා. පුබුදු ජයගොඩ කියනවා ‘නෑ… නෑ… නෑ… අපි කිව්වේ නැහැ එහෙම සල්ලි එකක් මේවා කරලා තියෙනවා, එහෙම හොරකමක් කරලා තියෙනවා කියලා… අපි කියන්න ගියේ මහජන ආරක්ෂක ඇමතිතුමයි ජේවීපී එකයි එක්ක දේශපාලන ඩීල් එකක් තියෙනවා කියලා.’ කියලා එයා ඒකට උත්තර දෙන්නේ එහෙමයි. අපි එහෙම එකක කිව්වේ නෑ කියලා. දේශපාලන ඩීල් එකක් තිබුණේ මට ජේවීපී එකත් එක්ක 2010 ඉඳන්. 2010 මමයි, ජේවීපී යි, ජෙනරල් ෆොන්සේක යි, අර්ජුණ රණතුංග යි අපි ඔක්කොම එකට ඩීඑන්ඒ එක හදලා පාර්ලිමේන්තු ගියේ. එතකොට ඔය පුබුදු ජයගොඩ යි, දුමින්ද නාගමුව යි මගේ ඔෆිස් එකේ. කන්නෙත් මගේ ඔෆිස් එකේ. ඉතින් එහෙම ඩීල් එකක් තිබිලා තියෙනවා, ඒ වෙලාවේ අපි එකට දේශපාලනය කෙරුවා. දැන් ආයේ අපි වෙන වෙන ම දේශපාලනය කරනවා. නාගමුව යි, පුබුදු ජයගොඩ යි තමයි මගේ ඔෆිස් එකේ ඉඳන් ඔක්කොම වැඩ කෙරුවේ ඩීඑන්ඒ එකේ ඡන්දෙට.”

පෙරටුගාමී සමාජවාදී පක්ෂය එල්ලකර ඇති චෝදනා සම්බධන්යෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පක්ෂයේ දුමින්ද නාගමුව සොයන නමුත් ඔහු CID ය මගහරිමින් සිටින බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

“ඒකට මම කරන්න තියෙන දේ කරලා තියෙනවා. මම CID එකට කට උත්තරයක් දුන්නා. මේ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න. මම හැම තිස්සෙ ම කියලා තියෙන්නේ, හරි දේ කරන්න. වැරදි කරන අය මොන තරාතිරමේ වුණත් ඇක්ෂන් ගන්න. ඉතින් මම එහෙම ම මගේ ස්ටේට්මන්ට් එක දුන්නා. මම මෙහෙම එකක් කරලා තියෙනවා නම් මට විරුද්ධවත් ඇක්ෂන් ගන්න. ඒක හින්දා වහා ම පුළුල් පරීක්ෂණයක් කරන්න කියලා. හැබැයි ඉතින් අවාසනාවකට වගේ එදා ඉඳලා සීඅයිඩී එකට තාම බැරි වුණා කට උත්තරයක් ගන්න දුමින්ද නාගමුවගෙන්. යන යන තැන එයා නෑ. පණිවිඩ තියනවා, එයාගේ ටෙලිෆෝන් එකේ පණිවිඩ තියෙනවා, එයා හැංගිලා. ඉතින් එයා ළඟ ඔච්චර තොරතුරු තියෙනවා නම්, බය නැතුව ඉස්සරහට ඇවිල්ල කට උත්තරයක් දීලා කියන්න පුළුවන් නේ, මෙන්න තොරතුරු බලන්න කියලා. දැන් එයා නෑ. හැබැයි සීඅයිඩී එක ඒක නවත්තලා නැහැ. කොහොම හරි උසාවි මාර්ගයෙන් හරි ගෙනැල්ල එයාගෙන් කට උත්තරය ගනියි.”