
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොසොන් පොහොය දින පැවැත්වූ බව කියන මත්පැන් දන්සලක් පෙන්වන වීඩියෝ පටයක් ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසැරීමත් සමඟ, මත්පැන් පිළිබඳ ප්‍රචාරය කිරීමේ චෝදනාව මත තරුණයන් හයදෙනෙක් ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත වීමත් සමඟ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස්පතිවරයා විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කර තිබේ.
ඒ අනුව, වයස අවුරුදු 20ත් 25ත් අතර කටුනායක ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයන් හයදෙනා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා, වීඩියෝව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
තම ඥාතියෙක් විසින් රැගෙන ආ හිස් විදේශීය මත්පැන් බෝතල්වලට තේ වත්කර එය ටික්ටොක් හි ප්‍රසිද්ධ කිරීම සඳහා වීඩියෝ පටයක් සකස් කිරීමට මෙම ක්‍රියාව සිදු කළ බව ප්‍රශ්න කිරීම් වලදී තරුණයන් ප්‍රකාශ කර ඇත.
අදාළ පුද්ගලයන් හයදෙනා විමර්ශන නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart