
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල පැවැත්වෙමින් තිබෙන විරෝධතාවකට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා පැවැත්වෙමින් තිබෙන මෙම විරෝධතාවට සමාජ ක්‍රියාකාරිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එම අවස්ථාවේ අදාළ ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාවට එක්ව සිටි පිරිසට බලපෑම් කරන ආකාරය දක්නට ලැබුණු අතර ඔවුන් අතරින් ඇතැමෙක් සිටියේ ලේන්සුවලින් මුහුණු ආවරණය කරගෙනය.
මෙම විරෝධතාවට එක්ව සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී චිරන්ත අමරසිංහ පවසන්නේ, මැරයන් විරෝධතාව කඩාකප්පල් කිරීමට පැමිණෙන අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් ඉවත්ව ගිය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart