
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන අලින් සහ ඇතුන් ආරක්ෂා කිරීම මෙන්ම මිනිස් – අලි ගැටුම පාලනය කිරීමේ අරමුණින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්රිවිධ හමුදාව එක් කර විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
පරිසර අමාත්ය ආචාර්ය ධම්මික පටබැඳි සහ නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩිගේ ප්රධානත්වයෙන් පරිසර අමාත්යාංශයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබේ.
මෙම සාකච්ඡාව සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් කේ වී නිලන්ත පී ප්රේමරත්න ඇතුළු ජ්යෙෂ්ඨ වනජීවී නිලධාරීන්, හමුදා බුද්ධි අංශ හා ඩ්රෝන මෙහෙයුම් නියෝජිතයන් සහ “Wild Tusker” ඇතුළු පරිසර සංවිධානවල නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.
යෝජිත වැඩසටහන යටතේ අලි ඇතුන් ආරක්ෂා කිරීමේ කටයුතු සංවිධානය කිරීම සඳහා යුද හමුදා මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිතය. වනජීවී නිලධාරීන්, පශු වෛද්යවරුන් සහ ත්රිවිධ හමුදා නිලධාරීන් මෙම මධ්යස්ථානය සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.
එමෙන්ම අවදානම් සහිත ප්රදේශවල සැරිසරන බව හඳුනාගත් ඇතුන් සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් හඳුන්වා දීමටද මෙහිදී එකඟතාව පළ වී ඇත. නීතිවිරෝධී කටයුතු හේතුවෙන් අලින්ට තර්ජන එල්ල වී ඇති සංවේදී ප්රදේශ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, එම සතුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීමට සහ ආරක්ෂාව සැලසීමට කැපවූ විශේෂ යුද හමුදා කණ්ඩායම් යෙදවීමට නියමිතය.
අලි ඇතුන් ඝාතනය කිරීම, ‘හක්ක පටස්’ වැනි පුපුරන ද්රව්ය යොදාගැනීම ඇතුළු වනජීවී අපරාධ වැළැක්වීමේ කටයුතුද මෙම වැඩසටහන හරහා තවදුරටත් ශක්තිමත් කරනු ඇත. ගැටුම් සහිත ප්රදේශවල හදිසි ඒකාබද්ධ වැටලීම් සිදු කිරීමට මෙන්ම වනජීවීන්ට එල්ල වන තර්ජන හඳුනාගෙන ඒවාට වහා ක්රියාත්මක වීම සඳහා විශ්වාසදායක බුද්ධි තොරතුරු රැස්කිරීමේ පද්ධතියක් ද ස්ථාපිත කෙරේ.
රෝගී හෝ තුවාල ලැබූ අලින් වටා මහජනතාව ඒකරාශී වීම පාලනය කිරීම සහ වනජීවී සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ප්රවර්ධනය කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.
වනසතුන් හැසිරවීම සහ ක්ෂේත්ර මෙහෙයුම් සිදුකිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හමුදා නිලධාරීන් වෙත විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතය. එමෙන්ම, වනජීවී නිලධාරීන්ට හමුදා කඳවුරුවල නවාතැන් පහසුකම් සැලසීමටත්, ක්ෂේත්ර පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා අවශ්ය පහසුකම් ලබාදීමටත් පියවර ගැනෙනු ඇත.
මෙහෙයුම් සැලසුම් යාවත්කාලීන කිරීම සඳහා සතිපතා දත්ත සමාලෝචනය කිරීමටත්, ප්රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් මාසික ප්රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීමටත් බලධාරීන් තීරණය කර ඇත.
වනජීවීන් සුරැකීම, මිනිස් ජීවිත ආරක්ෂා කිරීම සහ මිනිස් – අලි ගැටුම අවම කිරීමේ අරමුණින් මෙම ඒකාබද්ධ වැඩසටහන හැකි ඉක්මනින් ක්රියාත්මක කරන බව පරිසර අමාත්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart