
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ඔලිම්පික් තරග ඉසව්ව සඳහා ඇඳ සිටි ධාවන පථ ඇඳුම් කට්ටලය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා පරිත්‍යාග කර තිබේ.
19 හැවිරිදි කරුණාරත්න විසින් සිය අත්සන යෙදූ ඇඳුම් කට්ටලය ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත්තේ කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ආසියානු කලාපය නියෝජනය කළ ළාබාලතම ක්‍රීඩිකාව වීමට ගෞරවයක් වශයෙනි.
ඒ අනුව ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරෙන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවකගේ ධාවන පථ ඇඳුම් කට්ටලය ලෙසද මෙය ඉතිහාසයට එක්වේ.
පැරිස් ඔලිම්පික් ගම්මානයේ පැවති විශේෂ උත්සවයකදී අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් වෙත එම ධාවන පථ ඇඳුම් කට්ටලය ප්රදානය කිරීම සිදු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart