
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසෙන ‘දෙහිබාලේ මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පටබැඳි මද්දුමගේ ශෙහාන් සත්සර නමැත්තා විදේශ රටකදී අත්අඩංගුවට ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා පොලිසිය ප්‍රතික්ෂේප කර ඇති අතර, එම වාර්තා අසත්‍ය සහ නොමග යවන සුළු ඒවා බව ප්‍රකාශ කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් Sunday Observer පුවත්පතට ප්‍රකාශ කළේ එවැනි අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බවත්, නොමග යවන සුළු තොරතුරු සංසරණය වෙමින් පවතින බවත්ය.
කෙසේ වෙතත්, සත්සර නමැත්තා සිටින ස්ථානයක් පිළිබඳව හෝ ඔහු අත්අඩංගුවට ගත් බවට පළ වූ වාර්තාවලට පසුබිම් වූ කරුණු සම්බන්ධයෙන් පොලිසිය මෙතෙක් සවිස්තරාත්මක නිල පැහැදිලි කිරීමක් නිකුත් කර නොමැත. සත්සර සහ ‘වනාතේ චතූ’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අවිශ්ක මධුෂාන් අබේගුණවර්ධන නමැති තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන පුද්ගලයෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය ආයතන කිහිපයක් ඉකුත් දා වාර්තා කර තිබුණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ බවට ද ‘දෙහිබාලේ මල්ලී’ නමැත්තාට චෝදනා එල්ල වී තිබූ අතර, ඔහු පසුව යුරෝපයට පලා ගොස් ඇති බවට ද පසුකාලීන වාර්තා මගින් සඳහන් විය. ‘කළු මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සිය සොහොයුරා වන තුෂාන් නෙත්සර සමඟ එක්ව ”දෙහිබාලේ මල්ලී” නමැත්තා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම්වල සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart