
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරාමයකින් මෙහෙණින් වහන්සේලා තිදෙනෙක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් 32 හැවිරිදි කාන්තාවක් නුවරඑළිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේ ආරාමයක අවුරුදු 12, 15 සහ 18 වයස්වල පසුවන භික්ෂුණීන් වහන්සේලා තිදෙනෙක් පසුගිය බ්‍රහස්පතින්දා සිට අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ඒසම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
තරුණ භික්ෂුණීන් වහන්සේ වැඩසිටි ආරාමයේ ප්‍රධාන භික්ෂුණියගෙන් සිදුවූ බව කියන අයුතු ලෙස සැළකීම හේතුවෙන් ඔවුන් එම ආරාමයේම සිටි කාන්තාව සමඟින් පිටව ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම ඔවුන් පැමිණ ඇත්තේ නුවරඑළියේ පිහිටි සැකකාර ඥාති කාන්තාවගේ නිවසකටය.
එම ඥාතීන් විසින් භික්ෂුණියන් නුවරඑළිය පොලීසියට භාරදී ඇති අතර, පසුව හාලිඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කර තිබේ.
ඒ අනුව, මිනුවන්ගොඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart