
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යෑමට පැමිණි තිදෙනකු ත්රිරෝද රථයක් සමග පෙරේදා (2) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ තඹුත්තේගම, සෝලම, මීරගහවත්ත වැලිමඩ, උඩුව, මහනුවර යන ප්රදේශවල 29, 38 සහ 41 වියේ පසුවන තිදෙනෙකි.
ඓතිහාසික ජේතවනාරාම දාගැබ ආරක්ෂාවට පවතින සලපතල මළුවේ සවිකර ඇති අකුණු සන්නායකය සොරාගැනීමට පැමිණි තිදෙනා ඒ සොරකම් කිරීමට ප්රථමයෙන් ජංගම දුරකථන මගින් මෙම අකුණු සන්නායකයේ ඡායාරූප ලබාගෙන ඇති බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් උඩමළුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (2) උදෑසන සිට සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් එදින පස්වරු 3.15ට පමණ සලපතල මළුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම අකුණු සන්නායකය ජංගම දුරකථන මගින් වීඩියෝගත කර රාත්රියේදී සොරාගැනීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය සදහන් කළේය.
අත්අඩංගුවට ගැනුණ සැකකරුවන්ගේ ජංගම දුරකථන පරික්ෂාවේදී මොවුන් විසින් මීට පෙර සිදුකරන ලද නිදන් වස්තු සොරාගැනීම් පිළිබඳව තොරතුරු රැසක් ද අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරුවෝ ඊයේ (3) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart