
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගොඩකවෙල අල්පිටිය ප්රදේශයේදී පුද්ගලයින් හත්දෙනකුට වෙඩිතබා තුවාල කිරීම සහ ඔවුන් ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනා මත රත්නපුර මහාධිකරණයේ පැවති නඩුවක වෝදනාවලින් අභාවප්රාප්ත හිටපු රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු එල්.කේ. මහින්ද පසුගිය 28වැනිදා නියෝග කළේය.
ගොඩකවෙල ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ප්රියන්ත බණ්ඩාර සහ කහව දඩල්ලගේ නන්ද කුමාර යනද අය නිදොස් කොට නිදහස් කරන ලද තිදෙනා අතර සිටිති.
මේ නඩුව විභාග වන අතරතුර පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මියගිය අතර, ඔහු නැතිව නඩුව විභාගයට ගැනීමට මහාධිකරණ විසුරුවරයා තීරණය කර තිබිණි.
2000 වසරේ ඔක්තෝබර් මස 10 හෝ ඊට ආසන්න දිනයක ගොඩකවෙල අල්පිටිය ප්රදේශයේදී ටී.ඒ. උදය ඉරෝෂන්, මහින්දපාල, දිගදුරගේ ශාන්ත, ඒ. සංජීව අමරවංශ, ආරුමුගම් විජේකුමාර්, චන්දන රාජපක්ෂ, එස්.එම්. රත්නායක යන අයට වෙඩිතබා තුවාල කිරීම සහ මිනීමැරීමට තැත්කිරීම පොදු අරමුණ කරගත් නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් වීම යන චෝදනා මත සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 15ක් යටතේ නඩුපවරා තිබිණි.
මේ නඩුව රත්නපුර මහාධිකරණයේදී කොළඹ මහාධිකරණ විනිසුරුවරයකු වන එල්.කේ. මහින්ද විසින් විභාග කරන ලදී.
සාක්ෂිවල ස්වභාවය අනුව විත්තිවාචක එනම් විත්තිකරුවන්ගෙන් සාක්ෂි කැඳවීමකින් තොරව අපරාධ නඩු විධාන සංග්රහයේ 200 වන වගන්තිය අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන අතුකෝරල මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර, මහාධිකරණ විනිසුරුවරයා ඒ ඉල්ලම සළකා බලමින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart