
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවලපිටිය නගරයේ මල්ශාලාවක සේවය කරමින් එහි ඇති මෘතදේහ වෑන් රථයේ තබාගෙන රාත්රී කාලයේදී රන් භාණ්ඩ වෙළෙඳ සැල් හා නිවාස බිඳිමින් සොරකමේ යෙදී සිටියදී රුපියල් ලක්ෂ තිස් අටකට ආසන්න රන් භාණ්ඩ සමඟ ඇල්ලූ තිදෙනක් ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නාවලපිටිය මහේස්ත්රාත් ලසන්ජි රත්නායක නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ අනුරාධපුර කහටගස්දිගිලිය ප්රදේශයේ පදිංචි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු (IRC) හා නාවලපිටිය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙහි ප්රධාන සැකකරුවූ කහටගස්දිගිලිය ප්රදේශයේ පදිංචි සැකකරු මල්ශාලාවේ වෑන් රථ රියදුරු ලෙස සේවය කර ඇති අතර, එක් පුද්ගලයෙක් එහි මිනී කපන්නා වේ. අනිත් පුද්ගලයා මොවුන්ගේ සොරකම්වලට සහාය දුන් අයෙකු බව පොලිසිය පවසයි.
මොවුන් විසින් මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු කිරීමට සූදානම් කිරීම සඳහා මල් ශාලාව වෙත ලබාදෙන මෘතදේහ මල් ශාලාවට රැගෙන එන හා රැගෙන යන අවස්ථාවල එම මෘතදේහ සමඟ මිනී කාරය රැගෙන ගොස් මාර්ගවල නවතා වෙළඳසැල් හා නිවාස බිඳීම සිදුකර ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සොරකම්වලින් පසු එම භාණ්ඩ රැගෙන ගොස් ඔවුන් සඟවා තබා ඇත්තේ මිනී එම්බාම් කරන ස්ථානයේය. සේවකයන් සොරකමේ යෙදෙන අය බව මල්ශාලා හිමිකරු දැන නොසිටි බවද හෙළි වී තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart