March 10, 2026

මේ මොහොතේ ලෝකයේ පවතින අර්බුධකාරී තත්වය හමුවේ වුව ද මෙරටට ආයෝජන ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ 2028 වසර වනවිට මෙරටට ණය ගෙවීමේ ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බවයි.

එබැවින් ආයෝජන හරහා මෙරටට හිමිවන ප්‍රතිලාබ අහිමි වුවහොත් අනිවාර්යයෙන් රටට ණය ගෙවීමේ ගැටලුවක් මතුවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ මෙම අවස්ථාවේදී බැංකු ක්ෂේත්‍රය, රක්ෂණ ක්ෂේත්‍රය, නැව්ගත කිරීම්, සෞඛ්‍ය සහ සංචාරක කර්මාන්තය යන අංශ හරහා වරාය නගරය සහ ආයෝජන මණ්ඩලය තුළින් ආයෝජන ප්‍රවර්ධනයට මෙය කදිම අවස්ථාවක් බවයි.