
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඉලක්ක කර ගනිමින් අද වැලිගමදී සිදු වූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සීසීටීවී දර්ශන ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
සමගි ජන බලවේගයේ සාමාජික ලසන්ත වික්‍රමසේකර අද උදෑසන ප්‍රාදේශීය සභා සභාපති කාර්යාලය තුළ සිටියදී සැකකරු විසින් වෙඩිතබා ඇත.
සැකකරු මුහුණු ආවරණයක් පැළඳ හිස්වැස්මක් රැගෙන වැලිගම ප්‍රාදේශීය සභාවට ඇතුළු වන ආකාරය සීසීටීවී දර්ශනවල දැක්වේ.
වෙඩිතැබීමෙන් පසු සැකකරු තවත් සැකකරුවකු පැදවූ යතුරුපැදියකින් පළායන ආකාරය ද එහි දැක්වේ.
වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart