
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සොරෙක් වැසිකිළියකට බලහත්කාරයෙන් රිංගා එහි සිටි මහාචර්යවරියකගේ මුදල් සොරකම් කිරීමේ සිදුවීමක් කොළඹ විශ්වවිද්‍යාලයෙන් වාර්තාවේ.
ලැබුණු පැමිණිල්ලකට අනුව කුරුඳුවත්ත පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
ඔහු නීති ශිෂ්‍යයකු ලෙස හඟවමින් විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවී ඇතැයි පොලිසිය පවසයි.
මහාචාර්යවරිය වැසිකිලියේ රැඳවුමක් මත සිය අත් බෑගය තබා වැසිකිළිය තුළට ගොස් පැමිණීමේදී, අත්බෑගය අතුරුදන්ව තිබේ.
පසුව කළ සොයාබැලීමේදී අදාළ පුද්ගලයා වැසිකිළිය තුළට පැමිණ මෙම සොරකම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත.
මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණ ගණනාවක නඩු පවතින බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා, අධිකරණයට ඉදිරපත් කිරීමෙන් අනතුරුව ජුනි 06වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ(22) නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart