March 10, 2026

ඉන්ධන මිල වැඩිකරන ලද නමුත්, ලෝක වෙළඳපොළේ තවදුරටත් ඉන්ධන මිල ඉහළ ගියහොත් ඉන්ධන වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමක් සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බව කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා පවසන ලද්දේ, මිල ඉහළ දැමීම ඔස්සේ ජනතාවගේ ඉන්ධන පරිභෝජනය අඩුකිරීමටද රජය අපේක්ෂා කරන බවයි.

එසේම ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පෞද්ගලික සමාගම් අධික ලාභ ලැබීම වැළක්විය නොහැකි බවද අමැතිවරයා සඳහන් කළේය.

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීම සඳහා මිල වැඩිකිරීම හැර වෙනත් ක්‍රමවේදයක් නොමැති බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවැසීය.