
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ලිංගික අපයෝජන සහ හිරිහැර පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවට අනුයුක්ත කාන්තා සේවිකාවන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ අද ප්‍රකාශ කළේය.
ඔහු මේ බව කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
අගතියට පත් සේවිකාවන්ට සිද්ධීන්වලට සම්බන්ධ ඉහළ නිලධාරීන්ගේ බලපෑම් එල්ල වී ඇති බවත්, එවැනි අපයෝජන හෝ පහරදීම් සිදුනොවූ බවට ලිඛිත සහතිකයක් ලබාදීමට ඔවුන්ට බලකර ඇති බවත් විජේරත්න මන්ත්‍රීවරිය පැවැසීය.
මෙම සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වනු ඇත්දැයි මෙම වින්දිත සේවක සේවිකාවන්ට සැකයක් පවතින බව පැවසූ මන්ත්‍රීවරිය, වගකිවයුත්තන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart