
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලබන මාසයේ ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ඉදිරි සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවෙන් ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහභාගී නොවන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඒ වෙනුවට, අදාළ රටවල් සමඟ කටයුතු කිරීමේ වගකීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාට පැවරීමට නියමිත බවත්, අවශ්‍ය වුවහොත් දෙවන පෙළ කණ්ඩායමක් ඊට යොමුකිරීමට කටයුතු කරනු ඇති බවත් වාර්තා සඳහන් කරයි.
මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය 2023 සැප්තැම්බර් 11 වැනිදා ආරම්භ වී ඔක්තෝබර් 13 වැනිදා දක්වා පැවැත්වේ.
එහිදී ශ්‍රී ලංකාව අම්බන්ධයෙන් සැප්තැම්බර් 11 වැනිදා ද සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පසුගිය වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 51/1 යෝජනාව සම්මත කළේය.
එම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ ආර්ථික අර්බුදයේ බලපෑම හා දූෂණය බලපාන ආකාරය පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart