August 21, 2023

බඹර ප්‍රහාරයෙන් බේරීමට දුවමින් සිටි 16 හැවිරිදි තරුණයකු නුවරඑළිය ප්‍රදේශයේ කැලෑවක ප්‍රපාතයකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුවරඑළිය, බඹරකැලේවත්ත ප්‍රදේශයේ කැලෑවක දී බඹර ප්‍රහාරයට ලක්වූ සිව් දෙනෙකු අතර සිටි මියගිය පුද්ගලයා දෂ්ට කිරීම්වලින් බේරීමට දිව යමින් සිටියදී පර්වතයකින් පහළට ඇදවැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමඟ පොලිසිය එම ස්ථානයට ගොස්, බඹරකැලේවත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණයා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ.

නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.