
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී.ආර්.එස්. හපුආරච්චි පසුගියදා (25දා) විශ්‍රාම යෑමත් සමඟ මුදල් අමාත්‍යංශය විසින් නව කොමසාරිස් ජනරාල්වරයෙක් හෝ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක් පත්නොකිරීම නිසා ඊයේ (28දා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු මුළුමනින්ම අකර්මන්‍ය වූ බව දේශීය ආදායම් වෘත්තීය සමිති සඳහන් කරයි.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයෙක් විශ්‍රාම යන විට නව ජනරාල්වරයෙක් හෝ වැඩබලන ජනරාල්වරයෙක් පත් කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වුවද මෙවර එය සිදු නොවූ බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි පෙන්වාදෙයි.
මේ හේතුවෙන් ඊයේ විදේශිකයන්ට බදු නිශ්කාශන සහතික නිකුත් කිරීම, නව බදු ගෙවන්නන් ලියාපදිංචි කිරීමේ කටයුතු, වැට් බදු ආපසු ගෙවීම් සහ ආනයන කටයුතුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ සහතික නිකුත් කිරීම ඇතුළු දෙපාර්තමේන්තුවේ අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු මුළුමනින්ම අකර්මන්‍ය වූ බව ඔහු සඳහන් කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කොමසාරිස් ජනරාල්වරයෙක් හෝ වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක් වහාම පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත්, එසේ නැතහොත් දෙපාර්තමේන්තුවේ කටයුතු තවදුරටත් අඩපන වනු ඇති බවත්, ඔහු පවසයි.
එමෙන්ම මීට පෙර කොමසාරිස් ජනරාල්වරයා විශ්‍රාම යෑමට නියමිත දිනයට පෙර දිනයේ අනිවාර්යයෙන්ම අදාළ පත්කිරීම සිදුකර, ඒ බව මුදල් අමාත්‍යංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වන අතර, මෙවර එවැන්නක් සිදු නොමැති බවත්, එම නිසා මේ වන විට දෙපාර්තමේන්තුවේ වගකීම් ගැනීමට කෙනෙක් නොමැති ත්ත්වයට පත්ව ඇති බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart