
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වනවිට මියගොස් සිටින එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන සම්මුගරාසා ගජබාලිනී නමැත්තිය එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන ගමන් කළ මෝටර් රථ පෙළට 2008 ඔක්තෝබර් 9 වැනිදා බොරලැස්ගමුවේදී පැන බෝම්බයක් පුපුරුවා ඔහුගේ මරණය සිදුකිරීමට තැත්කිරීමේ කුමන්ත්‍රණ සිද්ධියට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි විත්තිකරු වහාම කොළඹ ජාතික රෝහලේ අක්ෂි වෛද්‍ය ඒකකයට යොමුකර අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඊයේ (13දා) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර 16ක කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තම්බයියා ප්‍රකාශ් නොහොත් ධනුෂ් නමැති සිය සේවාදායකයාගේ ඇස්වල පවතින දරුණු රෝගී තත්ත්වය නිසා ඔහුගේ පෙනීම පවා ඉතා දුර්වල තත්ත්වයක පවතින බව කියමින් නීතිඥ අසිත විපුලනායක කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ මරණය සිදුකිරීමට උත්සාහ කිරීමේ කුමන්ත්‍රණය, ඊට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සිය සේවාදායකයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනා ඇප නොලබා වසර 16 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින බැවින් එම නඩුවේ සාක්ෂි විභාගය කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසට ද නීතිඥ අසිත විපුලනායක අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (13දා) පැවැත්වීමට නියමිතව තිබූ නමුත් පැමිණිල්ලේ ලේඛන කිහිපයක් ලැබී නොමැති බව කියමින් පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා නඩු විභාගය ලබන ජනවාරි 14 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළේය.
හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු වන සෙල්වරාසා කිරුබාකරන් නොහොත් මොරිස් හා තම්බයියා ප්‍රකාශ් නොහොත් ධනුෂ් නමැති විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව අධිචෝදනා 17ක් යටතේ 2023 දෙසැම්බර් 18 වැනිදා නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart