February 5, 2024

ඇඹිලිපිටිය – මිද්දෙණිය මාර්ගයේ හුලන්දා ඔය හරහා කුඹුගොඩආර ප්‍රදේශයේ පිහිටි පාලම අද පෙරවරුවේ ලොරි රථයක් සමඟ කඩාවැටී තිබේ.

ජනමාධ්‍ය වාර්තාවලට අනුව පෙරවරු 6.30ත් 7:30ත් අතර කාලය තුළ පාලම කඩාවැටී ඇත්තේ දැව පටවාගත් ලොරි රථයක් එගොඩවීමට උත්සාහ කිරීමේදීය.

සිද්ධියෙන් පසු එම මාර්ග කොටසේ වාහන ගමනාගමනය ඇණහිට ඇති අතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුමටද බාධා එල්ල වී තිබේ.

ප්‍රදේශවාසීන් පවසන පරිදි 1985 දී දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේදී ඉදිකරන ලද පාලම කඩාවැටී ඇත්තේ නිසි නඩත්තුවකින් තොරව මාර්ගය දෙපස පුළුල් කිරීම හේතුවෙනි.