
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එකම පවුලේ මව පියා හා තුන් හැවිරිදි දියණියක් ගමන් ගත් ත්‍රිරෝද රථයක් හොරණ පානදුර මාර්ගයේ කුළුපන ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා ගැටීමෙන් මව මියගොස් දැරිය හා පියා බරපතළ තුවාල ලබා ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රයිගම කොස්වත්ත පාර පදිංචිව සිටි ආර්. ඒ. තනූජා ප්‍රියදර්ශනී (40) නැමැති එක්දරු මවකි.
මවුපියන් දෙදෙනා සිය එකම දියණිය සමග අවශ්‍යතාවක් සඳහා හොරණ නගරයට ත්‍රිරෝද රථයෙන් පැමිණ යළි නිවස කරා යමින් සිටියදී ත්‍රිරෝද රථය පැද වූ පියාට නින්දයෑම හේතුවෙන් ත්‍රිරෝද රථය මාර්ගයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදීගොස් පානදුර සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් ලංගම බස් රථයේ ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදු වූ වහාම ප්‍රදේශවාසීන් මව පියා සහ කුඩා දැරිය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කරන විටත් මව මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පවසයි.
තුවාල ලද දැරියගේ තත්ත්වය බරපතළ බැවින් මූලික ප්‍රතිකාර ලබාදී ගිලන් රථයකින් ඒ මොහොතේම කොළඹ රිජ්ජේ ආර්යා ළමා රෝහල වෙත පිටත් කර හැරිය බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරයි.
ලංගම බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
හොරණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart