
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවට ඉදිරිපත් කර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකරන ලද තීරණ සහ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා එවකට අගමැති ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් විසින් පෙත්සම ගොනුකර තිබුණි.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වූ බව වාර්තා සඳහන් කරයි.
එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම, නීතියක් මගින් ස්ථාපනය නොකළ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය නම්වූ රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් රජයේ මුදල් මිලියන 33ක් නීතිවිරෝධී ලෙස යෙදවූ බවට එම කොමිසම විසින් සමන් ඒකනායකට එරෙහිව චෝදනා කර තිබූ බව සඳහන් කළේය.
ඒ අනුව, ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙසත් රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොනුකරන ලෙස අදාළ කොමිසම විසින් නිර්දේශ කර තිබූ බව ඔහු කියාසිටියේය.
අගමැති ලේකම්වරයා වශයෙන් ඔහු ඉටුකරන ලද කාර්යයන් සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව සිදුකර ඇති බැවින්, දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් නොව කැබිනට් මණ්ඩලය විසින් නිත්‍යනුකූලව පිහිටුවන ලද ආයතනයක් බවද ජනාධිපති නීතිඥවරයා පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart