
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩබලන පොලිස්පති දේශබන්දු සහ තවත් කිහිපදෙනකුට එරෙහිව වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ගොනුකර ඇති තවත් මුළික අයිතිවාසිකම් නඩුවක් ඉදිරියට ගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1), සහ 13(2) යන වගන්ති සම්බන්ධයෙන් ගොනුකර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් නඩුව (SC FR 312/22) ඉදිරියට පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස අවසර ලබා දී තිබේ.
වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වගඋත්තරකරුවන් නීතිඥවරයකුට වධහිංසා පමුණුවා පහත් ලෙස සැළකූ බවට මෙම පෙත්සමින් චෝදනා කර ඇත.
මහමගදී පුද්ගලයකුට පොලිසිය පහරදීම නැවැත්වීමට අදාළ නීතිඥවරයා මැදිහත්වී තිබේ.
යසන්ත කෝදාගොඩ, කුමුදිනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ඉදිරියට රැගෙන යෑමට අවසර ලබාදී ඇත.(The Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart