
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකළ ප්‍රචණ්ඩ මහජන විරෝධතා ව්‍යාපාරයේ ප්‍රබල විදේශීය භූමිකාවක් සිටි බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පසුගියදා හෙළිදරව් කළ පසුබිම යටතේ මැයි 09/10 සහ ජුලි 09/14 යන දිනවල වූ සිදුවීම් පිළිබඳ යළි විභාගයක් අවශ්‍ය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසයි.
ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ මාර්තු 21 වැනිදා කථානායකවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නිහඩව සිටින්නේ මන්දැයි කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
විපක්ෂයෙන් තමන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පහසු ලෙස පරාජය කළ කථානායක අබේවර්ධන වසර දෙකකට ආසන්න කාලයක් නිහඬව සිට ප්‍රථම වරට දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමක් සිදු කළේය.
තමාට ජනාධිපති ධුරය බාරගන්නා ලෙස ඉල්ලා ඔවුන්ගේ උපාය සමඟ සහයෝගයෙන් කටයුතු නොකළහොත් හානිකරන බවට පසුව තර්ජනය කළ බවත් කථානායක අබේවර්ධන ප්‍රකාශ කළේය.
2019 පාස්කු ඉරිදා සංහාරයේ මහ මොළකරු තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සිටි දේශපාලන පක්ෂ සහ වෙනත් විවිධ කණ්ඩායම් කථානායකවරයාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා නොසිටින්නේ මන්ද යන්න පක්‍ෂ නායක රැස්වීමේදී මතු කරන බවට ඇමැති රණතුංග ප්‍රකාශ කළේය.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සිය නවය;සැඟවුණු කතාව නම් ග්‍රන්ථයේ දී ද චෝදනා කළේ, 2022 ජූලි 13 වැනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පසුව කථානායක අබේවර්ධනට කොළඹ සිටින අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් විසින් ආරාධනා කර ඇති බවයි.
2022 මැයි 09 වැනිදා සවස අරලියගහ මන්දිරය වටලා ගාලු මුවදොර ආක්‍රමණය කළ අරගලය ක්‍රියාකාරීන්ට එල්ල වූ ප්‍රහාරවලින් පසු රට පුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එල්ල වූ සැලසුම් සහගත ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳ තමා කිසිසේත් සෑහීමකට පත් නොවන බව රණතුංග පැවසීය.
සංවිධානාත්මක කල්ලි විසින් මුදා හරින ලද ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පෞද්ගලික දේපළ අහිමි වූ දේශපාලනඥයන්ගෙන් කෙනෙකු ලෙස තමා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බව වැඩිදුරටත් ඇමැති රණතුංග පැවසීය.
“මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට පහසුකම් සැලසීම සඳහා මම වීඩියෝ සාක්ෂි ලබා දී දුන්නා , ඔවුන් ඉදිරියේ දෙවරක් පෙනී සිටියා, නමුත් ප්‍රගතිය මන්දගාමීයි. ඉතා මන්දගාමියි,” යැයි ඔහු පැවසීය.
කථානායක අබේවර්ධන පැවසුවේ තමන් ඒ සම්බන්ධයෙන් ඉදිරියට නොයන බවයි.
“තවදුරටත් විමර්ශනය කිරීමට ඇත්තේ කුමක්ද,” යන්න කථානායක අබේවර්ධන කීවේය.
රණතුංග ඇමැතිවරයා කියා සිටියේ විමර්ශනයේ තත්ත්වය පිළිබඳව ඔවුන් නොදන්නා බවයි.
පොලිසියට සහ හමුදාවට සිය නිවසට එල්ල වූ ප්‍රහාරය වැළැක්විය හැකිව තිබුණත් ඔවුන් කිසිවක් නොකළ බව රණතුංග ඇමැතිවරයා අවධාරණය කළේ පෞද්ගලික දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීම රජයේ වගකීම බව අවධාරණය කරමිනි.
එලෙසම ක්‍රියා කිරීමට අපොහොසත් වූවන්ට ද දඩුවම් දිය යුතු බව ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart