
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2023 ආසියානු කුසලාන තරගාවලියේ මෙරට පැවැත්වීමට නියමිත ඉදිරි තරග සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇතැයි වාර්තා වේ.
මෙම තරගාවලිය පකිස්ථානය විසින් සංවිධානය කරන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිහිටි ප්‍රවේශපත් නිකුත් කිරීමේ කවුන්ටරයේ රැඳී සිටින පාකිස්ථාන නියෝජිතයන් ටිකට්පත් ලබාගැනීමට පැමිණෙන ප්‍රේක්ෂකයන් ආපසු හරවා යවන බව පැවැසේ.
එහි සිටින පකිස්ථාන නියෝජිතයන් සඳහන් කරනු ලබන්නේ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෙරට තරග පැවැත්වීමේ අවිනිශ්චිතතාවයක් පවතින බැවින් ප්‍රවේශපත් නිකුත් කිරීම නවතා ඇති බවයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තරගවලට අයහපත් කාළගුණය නිසා බාධා එල්ලවේයැයි සිතමින් එම තරග වෙනත් ක්‍රීඩාංගණයක් වෙත මාරු කිරීමට පකිස්ථාන නියෝජිතයන් මේ වන විට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත්, එහිදී හම්බන්තොට පිහිටි මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණය වෙත අවධානය යොමුව ඇතත්, ක්‍රිකට් කණ්ඩායම් සහ අදාළ නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම් ලබා ගැනීමට සුදුසු හෝටල් පහසුකම් නොමැති හෙයින් එම අදහස ඊයේ පස්වරුව වන විට අතහැර දමා ඇතැයි වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart