August 5, 2025

2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස වූ යෝජනාව වැඩි ඡන්ද 177 කින් සම්මත විය.

යෝජනාවට විපක්ෂව ඡන්දය ප්‍රකාශ වී නොමැති අතර එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.