
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාසා තීරයේ යුද්ධය අවසන් වී මැද පෙරදිග සාමාන්‍යකරණයට පත්වෙමින් ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.
ඔහු මේ බව පැවසුවේ, ඊශ්‍රායලයේ සංචාරයක් සඳහා අමෙරිකාවෙන් පිටත්වීමට සූදානම් වෙමින් සිටියදී ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ය.
දැනට ආරම්භ වී ඇති ගාසා තීරයේ සටන් විරාමයේ ඉදිරි පියවර සාකච්ඡා කිරීම සඳහා ලෝක නායකයන් අද ඊජිප්තුවට රැස්වීමට නියමිත අතර ට්‍රම්ප් ද ඊට සහභාගී වීමට නියමිතය.
ඊජිප්තුවට පැමිණීමට පෙර ඔහු ඊශ්‍රායලයේ කෙටි සංචාරයක් සඳහා එක්වනු ඇත.
එමෙන්ම ඊශ්‍රායලය සමග එළඹි එකඟතා අනුව හමාස් සංවිධානය අද ඔවුන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට ද නියමිතව තිබේ.
ඒ සඳහා ඔවුන්ට ලබාදී තිබූ පැය 72ක කාලය ඊශ්‍රායල වේලාවෙන් අද දහවල් 12 ට අවසන් වේ.
“යුද්ධය අවසන්, ඔබට එය තේරෙනවා,” ට්‍රම්ප් වොෂින්ටනයේ සිට ඊශ්‍රායලයට ගුවන් ගමන ආරම්භ කරමින් එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන්ට පැවසීය.
කලාපයේ අපේක්ෂාවන් පිළිබඳව විමසූ විට ට්‍රම්ප් පැවසුවේ, එය සාමාන්‍යකරණය වනු ඇතැයි තමන් සිතන බවයි.
සිය ඊශ්‍රායල සංචාරයේදී ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුවට දේශනයක් පැවැත්වීමට ද නියමිතව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart