
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේදී වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් තීන්දුව නොවැම්බර් 25 දක්වා කල් තැබීමට කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි නියෝගය කළේය.
සිද්ධියට අදාළව තමන් වරදකරු බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළිගෙන තිබිණි. ඒ අනුව, මෝටර් රථ ආඥා පනතේ චෝදනා තුනට අදාළව එලෙස වරද පිළිගත් හිටපු අමාත්‍යවරයාට දඬුවම් නියම කිරීම ඊයේ යෙදී තිබිණි.
නඩුව ඉකුත් 28 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය. එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබා ගැනීම, පාවිච්චි කිරීම ඇතුළු මෝටර් රථ වාහන ආඥා පනතේ චෝදනා තුනක් යටතේ සැකකරු වරදක් සිදුකර ඇති බවට සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පැමිණිල්ලකින් චෝදනා ගොනු කර තිබිණි.
මෙම චෝදනා සම්බන්ධයෙන් චුදිතයා වරද පිළිගන්නා බැවින් ඔහුට දඬුවම් නියම කිරීමේදී අදාළ මෝටර් රථය රාජසන්තක කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරිය ඉල්ලීමක් කර තිබිණි.
ජර්මනියේ නිෂ්පාදිත සුඛෝපභෝගී මෝටර් රථයක් කොළඹ පෞද්ගලික හෝටලයක් තුළ අතහැර දමා තිබියදී ලද තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබ තිබූ බවට අධිකරණයේදී කරුණු වාර්තා විය. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart